සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ වන විට උදා වී ඇත.
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම ලෙස සලකන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (13) උදාවිය.
මෙවර අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව අපර භාග 8.23ට අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබුණි. අපර භාග එක පසු වී විනාඩි 59ට ආරම්භ කෙරුණු පුණ්‍ය කාලය හෙට අලුයම 2.47 දක්වා ක්‍රියාත්මකයි.
රටේ වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට මෙවර සිදුවි ඇති අතර එය ජනතාවටද වෙනස් මුහුණුවරක් ගෙන ඇත.
අතීතයේ සිටම සිංහල දෙමළ ජනතාව අලුත් අවුරුදු සැමරුම සිදුකරනු ලබන්නේ නැදෑ හිතවතුන් සමඟ වුව ද මෙවර සියලු දෙනාට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමඟ නිවසේ සිට සාමුහිකවය.

popular news
-
Devinda Uduwara Tuesday, 14 April 2020 05:52 AM
A fresh experience.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

