ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂම ගැන සැකයි - කෙහෙළිය
ස්වාධීන යැයි පැවැසෙන මැතිවරණ කොමිෂම පිළිබඳව සැක මතුවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
සතිි ගණන් ඡුන්දය කල් දාන්න කියපු අය දැන ගන්න ඕනේ මාර්තු 19 ඉඳලා අප්‍රේල් 25 දක්වා දවස් 36 යි. එතකොට මැතිවරණයන් තියන්න අවශ්‍ය වන්නේ දවස් 36යි.
"මැතිවරණ පනතේ පැහැදිලි වෙනවා නාමයෝජනා දීලා අවම සති 5කුත් උපරිම සති 7කුත් ඇතුළත හැකියාවක් ඇත්නම් සෙනසුරාදා දවසක තියන්න කියලා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලා පැහැදිලිව මේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි වතාවරණයක් දැන් රටේ පවතිනවා කියලා. නමුත් කොමිසමේ සාමාජිකයින් දවස් 36 කින් තියන්න පුළුවන් කියලා කලින් කියලා දැන්, දවස් 70ක් ඉල්ලනවා. ඉතා සුක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මේ අයට ඕන විදිහට මැතිවරණය කල්දා ගන්න.
ස්වාධීනයි කියන මැතිවරණ කොමිසම ගැනත් දැන් සැක මතුවෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට, සමගි ජනබලවේගයට, දෙමළ සන්ධානයට තිබු එකම පරමාර්ථය තමයි පරණ ආණ්ඩුව නැවත කැඳවා ගන්න.
සෞඛ්‍ය අංශයෙන් පවතින වාතාවරණය සුදුසුයි කියලා කියනවා නම් ලැබෙන පළමු නිමේෂයෙන්ම ජනතාවගේ ඡුන්ද අයිතිය සුරැකිය යුතුයි. විපක්ෂයට ඕනේ විදිහට න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වනවා."
popular news
-
Dayan Saturday, 23 May 2020 02:35 PM
ඔච්ච්චර චන්දෙ තියන්ට පුළුවන් නම් මොකද ඇඳිරි නීතිය තියාගෙන ඉන්නේ. අපිට එලියට බහින්න බැරුව ඉන්නේ. පිස්සු කතා.
Reply : 0 0
Kumar Saturday, 23 May 2020 08:04 PM
ඔන්න පලමුවතාවට ඇත්ත කිව්වා. ඔහොම කියන්නේ චන්ද කොමසාරිස්තුමා තමාගේ දරුවා ගෙන්න ගන්න ජනාධිපතිතුමාගේ පිහිට ලබාගත්ත නිසා වෙන්න ඇති.
Reply : 0 0
Nandana Sunday, 24 May 2020 09:31 PM
ලෙන්චිනා මගේ නංගියේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

