වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ බලපෑ සුලි කුනාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියෝ ප්‍රකාශ කරති.
මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයත් සමඟ මෙසේ සුළි සුළං තත්ත්වය ඇතිව තිබෙන අතර එහිදී සුළං හේතුවෙන් නැවත පදිංචි වැසියන්ගේ නිවෙස්හි වහලය සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති අතරම ඇතැම් නිවාස වෙත ගස් කඩා වැටී ඇති බවටද එම වැසියන් ප්‍රකාශ කරති.
සුළං ඇති වන අවස්ථාවේදී කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතරම එම අවස්ථාවේදී ජනතාව නිවෙස් වෙතින් ඉවත් වීමට පියවර ගෙන ඇත.
සුළි කුනාටුව හේතුවෙන් හානි වූ පවුල් වෙතට සිදුව ඇති විපත පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වව්නියාව ආපදා කළමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.