සහල්වලට සහතික මිලක්
වෙළෙඳ පොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළෙඳ හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ දෙක පියවර ගෙන ඇත.
ඒ සඳහා එළඹෙන සතියේ අමාත්‍යාංශ දෙක සහල් මෝල් හිමියන් සමග එකඟතාවයකට එළඹීමට නියමිතය.
වෙළෙඳ පොළේ දැනට අලෙවි කෙරෙන රතු හා සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 94 දක්වාත්, නාඩු සහල් රුපියල් 96 දක්වාත්, සම්බා රුපියල් 105 ක් හා කීරි සම්බා රුපියල් 138 ක් දක්වාත් අඩු කර උපරිම සිල්ලර මිලක් නියම කිරීමට බලාපොරොත්තු වේ.
මේ අනුව රුපියල් 200 ක පමණ මිලකට දැනට වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 60 කින් පමණ ද රුපියල් 135, 140ට අලෙවි කෙරෙන සම්බා සහල් කිලෝවක් රුපියල් 35, 40 කින් පමණ අඩු වෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
-
L.G.P.Jathunarahchi. Sunday, 01 August 2021 11:16 AM
As per Coconut ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

