වෙළඳ පොලේ සහල් මිල තවදුරටත් මිල පහත දැමිය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී රජයේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.
රජය ප්‍රමාදවී හෝ සහල් මිල අඩු කිරීමට කටයුතු කිරීම පරිභෝගිකයාට සහනයක් බවත්, රජය කිරි සම්බා කිලෝවක් රුපියල් 125 දක්වා අඩුකර ඇති නමුත් එය රුපියල් 100දක්වා අඩුකළ හැකි බවද ප්‍රකාශ කළේය.
එසේම නාඩු හා සම්බා සහල් කිලෝවක ද මිල තවදුරටත් අඩුකළ හැකි බවත් ඒ සදහා රජයේ අවධානය යොමු විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.