කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මේ රටේ ජනතාවට ආහාර සදහා අවශ්‍ය වී තොග මාස පහලව හමාරකට රැස් කර තිබෙන බව පොළොන්නරුව හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
බැදිවැව ප්‍රදේශයේදි අද ( 24) වෙනිදා සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.
මෙලෙස වී තොග ප්‍රමාණයක් රටතුල තිබියදි ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් කෘතිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දැරිම කනගාටුවට කරුණක් බවද රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
පසුගියදා පොළොන්නරු දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ කණ්ඩායමක් විසින් සිදුකල වැටලිම සම්බන්ධවද රොෂාන් රණසිංහ මහතා ඔවුන්ට ස්තුතිය පුද කරමින් කරුණු ඉදිරිපත් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා,
පොළොන්නරුවේ වී මෝල් කාරයෝ යහපාලන ආණ්ඩුව කාලේ රුපියල් 30 ට වී අරං සහල් කිලෝවක් 110 ට අලෙවි කරමින් විශාල ලාභයක් ඉපයුවා. අපේ ආණ්ඩුව යටතේ වී ගොවියත් සහල් පාරිභෝගිකයත් ආරක්ෂා කරමින් රුපියල් 50 ක වී සදහා පාලන මිලක් යොදලා රුපියල් 90 ට සහල් සදහා පාලන මිලක් යෙදෙවුවේ හැම දෙනාගෙම යහපතට.
ජනාධිපතිතුමත් අගමැතිවරයත් කිසිදු පැකලිමකින් තොරව මේ ජනතාව හුරාකන පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් සිදුකරන අසාධාරණකම් පාරිභෝගික අධිකාරිය හරහා වටලලා සහන මිලට රටේ ජනතාවට සහල් ලබා දිම පිලිබදව මගේ ස්තුතිය පිරිනමනවා. පොළොන්නරුවේ මහාපරිමාණ වී මෝල් කරුවෝ නිසා මේ රටේම සහල් පාරිභෝගිකයෝ අවුරුදු 05ක් බැටකාපු අවස්ථා අපි දැක්කා එදා මේ වී මෝල්ලූ කරේ රුපියල් 30ගානේ සම්බා වි කිලෝවක් අරං ඒවා සහල් කරලා රුපියල් 160 ට විකුණලා අධික ලාභයක් ඉපයුවා.
එදා යහපාලන ආණ්ඩුව පොළොන්නරුවේ වී මෝල් කරුවන්ට හොද ආශිර්වාදයක් වුනේ අද කයිවාරු ගහන ඔය මහාපරිමාණ මෝල් කරුවාගේ අයියා ජනාධිපතිවයා හින්දා වෙන්න ඇති. ඔය වී මෝල් හිමියන් මට මාධ්‍ය ඉදිරියේ බැන්නට මම සතපහකට ඕවා ගණන් ගන්නේ නැහැ. මොකද මම පෙනිහිටින්නේ මේ රටේ ලක්ෂ 25 ක් වන ගොවියත් ලක්ෂ 220 ක් වන රටේ මහජනතාව වෙනුවෙන් නිසා. එදා පොළොන්නරුවේ වී මෝල් හිමිකරුවන් පාරිභෝගික සේවා අධිකාරියේ ඇතැම් නිලධාරින්ට අත යටින් ගාණ දුන්න නිසා කිසිදු වැටලිමක් කලේ නැහැ. ඒ නිසා මහපාරිමාන වී මෝල් හිමියන්ට ඕනෑ විදිහට සහල් මිල ඉහල දැම්මා. අද සැබැ ජනතාවක් නියෝජනය කරන ආණ්ඩුවක් නිසා ඒ අයට ඕන ඕන විදිහට සෙල්ලම් දාන්න බැහැ. ඒ නිසා මම කියනවා පොළොන්නරුවෙත් වී මෝල් කරුවන්ට හිතෙන හිතෙන විදිහට සහල් මිල ඉහල දාන්න දෙන්න බැහැ කියලා. සහල් සදහා පාලන මිලක් දැමිය යුත්තේ රජය මිස වි මෝල් කරුවන් නොවන බව ඔවුන් මතක තබාගත් යුතුයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ජවයත් තියන තාක්කල් වී ගොවියා හුරාගෙන කාලා අසරණ සහල් පාරිභෝගික ජනතාවට වැඩි මිලට සහල් අලේවි කරන්න මේ රටේ මහපරිමාන වී මෝල්කරුවන්ට ඉඩක් නැති බව මම බයනැතුව කියනවා යැයිද රොෂාන් රණසිංහ මහතා සදහන් කළේය.
නිමල් ජයරත්න