රටේ සිංහල බෞද්ධ ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු බවත් එය 20වැනි සංශෝධනයට ඇතුළත් කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එමෙන්ම ඒ සඳහා අනෙකුත් ජාතීන්ට ආරක්ෂාව නිදහස ලබා දෙන බවට වගන්තියක් ඇතුළත් කළ යුතු බවත් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්බන්ධයෙන් අද (22දා) පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් හෙතෙම සදහන් කළේය.
“රටක් වුණාම සදාචාරයක්, සංස්කෘතියක් තියෙනවා. ජනාධිපතිවරයා නොමග නොගිහින් මේක තේරුම් ගන්න ඕනී.පසුගිය මැතිවරණ දෙකේදිම තමුන්නාසේලාගේ සටන් පාඨය වුණේ ත්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදය. ඒක හරහා උත්සහ කළා සිංහල බෞද්ධ ඡන්ද එක තැනකට එකතු කර ගන්න.
නමුත් ඒ මතයට මම විරුද්ධයි. මොකද මම ජාතිවාදයට විරුද්ධයි. මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ මේ සියලු දෙනාටම හොඳ ඉතිහාසයක් තිබෙනවා. අපි එකට ඉන්න ඕනි. නමුත් ඔබතුමන්ලා ජනතාව නොමග යවලා ගත්ත පියවර වැරදියි.
තමුන්නාසේලා අධිකරණ ඇමති, බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මුස්ලීම් ජාතිකයන් පත් කරලා තියෙන්නේ. එක පැත්තකින් ආණ්ඩුව බෞද්ධ ජනතාව නොමග යවනවා. මම ඉල්ලා සිටිනවා ඒ මාර්ගයේ ඔබතුමන්ලා යනවා නම් අපිත් උදව් කරන්නම්. අනිවාර්යෙන් මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න ඕනී. ඒක දාන්න මේ සංශෝධනයට.
නමුත් තව පේළියක් දාන්න අනෙකුත් ජාතීන්ට ආරක්ෂාව නිදහස ලබා දෙනවා කියලා. එහෙම පියවරක් තමුන්නාසේලා ගන්නේ නෑ. ඔබතුමන්ලා ජාතිවාදය අවුස්සලා යටින් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නවා.”