මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ. අපි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් හැටියට පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න මේ රට තුළ නොයෙක් ස්ථාන වල වෙනත් භාෂාවනුත් තිබෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්. අන්න ඒ විහිළුව අපි නැවැත්විය යුතුයි"යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
අමාත්‍යවරයා එම අදහස් පළකළේ, මාස කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආනයනය කළ ජෙනරේටර් තොගයක්, විවිධ ස්ථානයන්හි ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තිබෙන බවට පසුගිය වකවානුව තුළ පැතිර තිබූ කරුණ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොළොන්නාව පද්ධති පාලන ඒකකය සහ ග්‍රිඩ් උපපොළ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය කරුණානායක මහතා,
“රටේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරද්දි මුලින්ම කියන්න ඕන සැබෑ තත්ත්වයයි, කටකතායි යන තත්ත්ව දෙකක් තිබෙනවා.
ඒ නිසා අපි නිරන්තරයෙන් සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. මේ වනවිට අපේ ආරක්ෂක අංශ රටේ සමස්ත ජනතාවගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවි කටයුතු කරනවා. ඔවුන්ගේ ඒ කැපවීම මත, ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් බෙහෝමයක් හදුනාගන්න, අත්අඩංගුවට ගන්න අද වනවිට අපේ ආරක්ෂක අංශයන්ට හැකිවී තිබෙනවා.
අපේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් අපි ආරක්ෂක අංශයන් සමඟ එකමුතුව, ඔවුන්ට සහයෝගය ලබාදෙමින් කැපවීමෙන් කටයුතු කළ යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.