ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව පවසා සිටියේ ඊයේ (02) දින යාපනය අචුච්වේලි ප්‍රදේශයේදී දෙවන වරටත් බෞද්ධ හින්දු සංස්කෘතික සංසදය විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම වැඩසටහනට සහභාගී වී ජනතාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියන්,
“ලංකාව ලෝකයේ තිබෙන ඉතාම ලස්සන රටක් . ඒ වගේම සම්පත් තියෙන රටක්. එහෙනම් ඇයි අපේ රට දුප්පත් ඇයි අපේ රට අසමගි ඇයි අපේ රට තුළ අසමගියක් ඇත්තේ මේ සඳහා අපිම උත්තරයක් සොයා ගත යුතුයි.
මේකට උත්තරය තමයි අපේ රටට නිදහසින් පසුව අපට හොඳ ශක්තිමත් නායකයෙකු බිහිකරගන්න බැරිවුණා. එහෙම බිහිකරගත්තොත් තමයි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. ඒක අපි ඕකකම එකතුවෙලා විශේෂයෙන්ම දෙමළ සිංහල අපි ඔක්කොම එකතුවෙලා හොඳ මිත්‍රත්වයක් තියනවනම් මේක විසඳගන්න පුළුවන්.
මේ පළාතේ ආර්ථිකය දියුණු කරනවනම් කොහොමද කර්මාන්ත ඇති කරන්නේ. මොන වගේ කර්මාන්තද යාපනයේ කරන්න පුළුවන්. යාපනය දියුණු කරන්න පුළුවන් කොයි විදිහටද, මට ඒ ගැන අදහසක් තියනවා. මට හිතෙනවා ඉදිරි අවුරුදු පහේදී විශාල සංවර්ධනයක් මේ පළාතේ කරන්න පුළුවන්.
ඉදිරියේ අපි එහෙම සැලැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී අපි කවුරුත් එකතු වෙලා කතාබහ කරල මුළු රටටම ශක්තිමත් නායකයෙක් බිහි කරන්න ඕන. ඒකට අපි එකතු වෙලා වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා” යනුවෙන් රතන හිමියන් වැඩිදුරටත් පැවසුහ.