පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව පැවැසෙන සහරාන් හෂීම්ගේ මස්සිනා කොනෙකු හා තවත් සහායකයෙකු සෞදියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හින්දුස්ථාන් පුවත් සේවය සඳහන් කරන්නේ ඉන්දීය බුද්ධි අංශය ලබාදුන් තොරතුරු අනුව සෞදිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
එසේම ඉන්දීය ආරක්ෂක හා සෞදි ආරක්ෂක අංශ අතර ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාරය හා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්‍රස්තයා හා අයි.එස්. අතර ඇති සබඳතා තහවුරු කර ගැනීමට සාකච්ඡා කරමින් තිබෙන බවත් එම පුවත් සේවය වාර්තා කරයි.