සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහ්රාන් නුවරඑළිය ප්රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාසීම් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අවුරුදු 28ක් වයසැති මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් යන අයයි. එසේම මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහ වී සිටින්නේ නවුෆර් මවුලවි සමග බවත් පොලීිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුපොතදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

-
asoka Tuesday, 30 July 2019 12:14 PM
මුළු පවුලම ජිවෙටන්තය දක්වා ඇතුලට දැමිය යුතු නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
