පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කල්පිටියේදී ඊයේ (3දා) සවස අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය නගරයේ හතර වන හරස් වන විදියේ පදිංචිකරුවකු බව කියයි.
පාස්කු ප්‍රහාරය මෙහෙයවමින් එම ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කළ සහරාන් හෂීම් හා මෙම ප්‍රහාරයට සම්බන්ධ අනෙක් පුද්ගලයකු වන මෙහොමඩ් ඉබ්‍රහිම් ඇතුළු පිරිස ගෙන්වා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ අරාබි පාසලක දේශණ පැවැත්වමින් අදාළ කටයුතු සංවිධානය කිරිම ඇතුළු කරුණු රැසක් සම්බන්ධව අදාල සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මදුරන්කුලිය අරාබි විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක් වෙත 3 දින රාත්‍රියේ රැගෙන ඒමේන් පසුව අදාළ ගොඩනැගිල්ල දැඩි පරික්ෂාවකට ලක් කිරිම සිදුවිනි .
එය පරික්ෂා කිරිමේන් පසුව අදාල සැකකරු ලබා දි තිබු තොරතුරු මත ලිපි ලේඛණ රැසක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු කණ්ඩායම භාරයට ගැනිම සිදුවු බව කියයි.
සැකකරු මෙම මදුරන්කුලිය ස්ථානයට අවස්ථා කිපයකදී පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් කැදවා දේශණ රැසක් පවත්වා ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රදවා ගනිමින් ප්‍රශ්ණ කිරිමට නියමිත බව කියයි.
ඒ සමගම මෙම සිද්දයට සම්බන්ධ තවත් සැකකරුවන් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා ඇති බවද කියයි.