සහරාන් හෂීම් මිය යයි?
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
ආරක්ෂක අංශ කළ විශේෂ සමීක්ෂණයකින් හා ඡායාරූප මාධ්‍ය හා සී.සී.ටී.වී. මාධ්‍ය ඔස්සේ කළ ගැඹුරු තොරතුරු අධ්‍යනයකදී මේ බව තහවුරු කරගෙන ඇත.
මිය ගිය පුද්ගලයාගේ හිස පිළිබඳව කරන පරීක්ෂණවලදීද මේ බව හෙළිවී තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමටද ආරක්ෂක අංශ සැලසුම් කර තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඒ සහරාන් හෂීම් හා ඉල්හාම් නැමැත්තන්ය. ඔවුන් දෙදෙනාම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.


-
wimal Friday, 26 April 2019 05:33 PM
ඕක මැරිලා නැත්තන් ,,, මුළු ලංකාවම පරික්සා කරලා ඕකගේ හත්මුතු පරම්පරාවම මරල දන්නා ඕන ...
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
