ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා වූ ත්රස්තවාසී සහ්රාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා දින 90 ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබේ.
සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට ආරක්ෂක අමාත්යංශය අවසර දී තිබේ. සැකකාර පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ජමාල් ඩී. ජවුශාඩ් නමැති අදාළ භාෂා පරිවර්තක නිලධාරියා වසර 10කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර තිබේ.