සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙකු මේ වන විට අතුරුදන් වී සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
මේ නිසා වහාම මේ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියෝ අවධාරණය කළහ.
සරත් ෆෝන්සේකා මහතා වනජීවී අමාත්‍යධුරය දරන සමයේ මෙම අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීමට විශාල උත්සාහයක් ගත් බවත් පරිසරවේදීන්ගේ හා ජනතාවගේ විරෝධය නිසා එය නැවතී ගිය බවද අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහනසේ සඳහන් කර සිටියහ.