2019 ජනපතිවරණය සඳහා තම සහෝදරයෙක් එක්වන බවට කළ මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඊයේ කැබිතිගොල්ලෑවේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිතිරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්” යැයි ඔහු සඳහන් කළේය. එසේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක හෙයින් ඔහුගේ ආරක්ෂාව අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.