මහනුවර ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ශ්‍රී ලංකා ජාතිකයක් දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට මුහුණ පෑ සිසුවා ඊයේ (07) සවස උපකාරක පන්තියකට සහභාගි වි ආපසු නිවසට පැමිණෙමින් සිටියදී කටුගස්තොට පොලිස් වසමේ මැණික්කුඹුර ප්‍රදේශයකදී වෑන් රථයකින් පැමිණි පිරිසක් එම සිසුවා ඇඳගෙන යන ආකාරය සිසුවාගේ පියා දැක ඇති අතර ඔහු වහාම ඊට මැදිහත්වී එම පුද්ගලයාට ප්‍රහාරයක් එල්ල කොට සිසුවා ඉන් මුදවා ගෙන තිබේ.
එම අවස්ථාවේ අවස්ථාවේ දී වෑන් රථයෙන් බැස ගත් පස් දෙනෙකුගෙන් සමන්විත තවත් පිරිසක් සිසුවා ගේ පියාට පහර දීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ වටාපිටාව සිටි පිරිස් ද එම ස්ථානයට එක්රොක් වූ විට ඔවුන් වෑන් රථයෙන් පළා ගොස් තිබේ.
එම අවස්ථාවේ දී පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දීමෙන් අනතුරුව කටුගස්තොට පොලිස් වසම තුළ දීම අදාළ වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදු කළ විමර්ශනවලදී එම වෑන් රථයේ බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ගලගෙදර හා කඩවත පදිංචි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.
වෑන් රථයේ සිටි බංගලදේශ බංගලාදේශ ජාතිකයන් ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් සන්තකයේ නොවූ බව පවසන පොලිසිය එම විදේශිකයන් උර්දු හා ඉංග්‍රීසි භාෂා පමණක් භාවිතා කරන බව ද කියයි.
එම විදේශිකයන් මෙරට නවීන සන්නිවේදන පහසුකම් සපයන ආයතනයක උප කොන්ත්‍රාත්කරුවන් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පවසන පොලීසිය ඔවුනට මෙරට තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමට අවශ්‍ය වීසා බලපත්‍ර ඇත්දැයි සොයා බලන බවත් ඔවුන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට දැනුම් දීමට කටයුතු කරන බවද කියයි.
ෂේන් සෙනෙවිරත්න