සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ්-19 එන්නත් කිරීම අනිවාර්ය කිරීම සහ පුළුල් සමාජ ස්ථර ගණනාවකට සෞඛ්‍ය සම්පන්න බවක් ලබාදෙන නව පනතක් ගෙන එමින් ප්‍රංශයේ සිව්වැනි කොරෝනා රැල්ල පාලනයට එරට පාර්ලිමේන්තුව නව නීති අනුමත කර තිබේ.
ඒ අනුව ප්‍රංශයේ කෞතුකාගාර, සිනමා ශාලා හෝ පිහිනුම් තටාක වෙත යන අමුත්තන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව හෝ මෑතකදී සෘණාත්මක පරීක්ෂණයක් කර ඇති බව පෙන්වන අවසර පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන්ට දැනටමත් ඇතුළුවීම තහනම් කර ඇත. එහිදී මහා පරිමාණ උත්සව සඳහා හෝ සමාජශාලාවලට යාමට මෙම අවසර පත්‍රය අත්‍යවශ්‍ය වෙයි.
අගෝස්තු මුල සිට, අවන්හල සහ බාර්වලට ඇතුළු වීමට සහ දුර ගමන් දුම්රිය හා ගුවන් ගමන් සඳහා අවසර පත්‍රය තවදුරටත් අවශ්‍ය බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතේ අඩංගු ක්‍රියාමාර්ග නොවැම්බර් 15දායින් අවසන් වීමට නියමිතය. නීතිය ක්‍රියාත්මක වීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන්, රටේ ඉහළම අධිකරණ බලයෙන් හරිත එළියක් අවශ්‍ය වුවත්, එය මේ අවස්ථාවේදී ලැබෙනු ඇති බව ප්‍රංශ රජය පවසයි.
ජුලි මස ආරම්භයේදී දෛනිකව නව ආසාදිතයන් 4,000ක් පමණ සිට ප්‍රංශයේ දෛනික ආසාදන ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය සතියේ එය 22,000ක් දක්වා ඉහළ ගොස් රෝහල් ගතවීම්ද වැඩිවී තිබේ.