පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිටි සිවිල් ආරක්ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (02දා) සිහි සුන්ව බිම ඇඳ වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංක 43, අරලගංවිල, දම්මින්න, ලිපිනයේ පදිංචි ආර්. බී. රූපසිංහ යන විවාහක සිවිල් ආරක්ෂක භටයෙකි.
සිවිල් ආරක්ෂක බළකායේ අනු ඛණ්ඩයේ කාර්යාලය අසල රාජකාරී කරමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇත. මෙම සෙබලා පසුගිය කාලයේ කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ රාජකාරි සඳහා ගොස් සිටියදි කොවිඩ් ආසාදනය වි සුවය ලබා පැමිණි අයෙකු බවට සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ නමුත් ඔහුගේ මෘත දේහය මේවනවිට අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරය තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.