මේ වසරේ සංවර්ධන කටයුතු සඳහා අයවැයෙන් වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදලින් මේ වනවිට වැයකර ඇත්තේ 57%ක පමණ මුදලක් බව මුදල් අමාත්‍යංශය පවසයි.
2019 වසර සඳහා අයවැය ඇස්තමේන්තු ගණනය කිරීමේදී මේ බව හෙළිදරව් වී ඇත. 2018 වසර වෙනුවෙන් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලද මුදල් වෙන්කර අනුමත කරන ලද ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව අනුව රුපියල් බිලියන 640ක් (කෝටි 64000ක්) පමණ රටේ සංවර්ධනයට වැය කළ හැකිව තිබිණි.
එහෙත් එයින් වැයකර ඇත්තේ රුපියල් බිලියන 337ක් (කෝටි 33700ක්) පමණ යැයි දැනට මුදල් අමාත්‍යංශය කළ මූලික ගණන් බැලීමේදී හෙළිදරව් වී තිබේ. ඒ අනුව රුපියල් කෝටි තිස්දාස් තුන්සීයකින් වැඩක් ගෙන නැත.
ප්‍රාග්ධන වියදම් සඳහා විදේශ ණය හා ආධාර ලෙස 2018 වෙනුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 240කින් රජයට වියදම් කරගත හැකිවී ඇත්තේ ඩොලර් මිලියන 155ක් පමණි. ඉතිරි ඩොලර් මිලියන 85 කිසිදු ව්‍යාපෘතියක් සඳහා වැය කර නැත.
ව්‍යාපාරික වාර්තාකරු (ඉරිදා දේශය)