ශ්රී ලංකාවේ බොහෝ පළාත්වල නගර සිය වෙළඳ සංගම්වල තීරණ අනුව ස්වයංව කඩ සාප්පු වසා දැමීමට කටයුතු කරමින් පවතී.
අද දිනයේදීද රට පුරා නගර කිහිපයක් ස්වයං ලොක්ඩුවන් තත්ත්වයට පත්විය.
සතියක කාලයක සිට සති දෙකක කාලයක් දක්වා ඔවුන් මෙසේ ස්වෙච්ඡාවෙන්ම ලොක්ඩුවන් විය.
අම්බලන්තොට, දිවුලපිටිය, රත්නපුර, පල්ලේබැද්ද, උඩවලව, බාදුරාගොඩ, බටපොළ, මරදගහමුල, මාතලේ යටවත්ත, ත්රිකුණාමලය, රුවන්වැල්ල, අගුරුවැල්ල, කරවනැල්ල, දැරණියගල, තොග සහ සිල්ලර රෙදිපිළිවලට ප්රසිද්ධ පිටකොටුවේ දෙවෙනි හරස් වීදිය, තඹුත්තේගම, දඹුල්ල, අකුරැස්ස, වරකාපොළ, මොණරාගල, මැදගම, කෑගල්ල ඇතුළු තවත් නගර රාශියක් මේ වන විට ස්වයං ලොක්ඩවුන් වී තිබේ.