ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි පුද්ලගයින් නිරෝධායන වන ස්ථානයෙන් බැහැරට යන බවට තොරතුරු ලැබී ඇති බවය.
ඒ අනුව අද (31) දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ස්වයං නිරෝධායනවන පුද්ගලයින් එම ස්ථානයෙන් පිටව යෑම හෝ පිටත පුද්ගලයෙක් නිරෝධායනයවන ස්ථානයට ගෙන්වා ගැනීම නිරෝධායනය රීතින් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පැවසීය.