මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙම පුද්ගලයා සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.
මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකු වෙයි.
ස්වයං නිරෝධායනයට විරුද්ධ වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිසිය මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකළ අතර දින 14ක් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමෙන් පසු ඔහු අත්ඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් අද (23) නියෝග කළේය.