තම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් , චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගෙන 03/16 දින එය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .
විදේශීය රටවලින් තීරු බදු සහනය යටතේ අමුද්‍රව්‍ය මෙරටට ගෙගෙන්වා , මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර යළි අපනයනය කිරීම සදහා මෙම කර්මාන්තශාලාව රජයේ ලියාපදිංචි වී තිබේ .
පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබේ .
චීනයේ සිට මෙරටට ආනයනය කළ අඩි 40 ක් දිග බහාලුමක් තුළ තම කර්මාන්තශාලාවේ නිෂ්පාදන සදහා අවශ්‍ය විවිධ කඩදාසි වර්ග ඇති බවට රේගුවට ප්‍රකාශ කරමින් මෙම බහාලුම කොළඹ වරායට ඉකුත් 03/12 දින ගෙනැවිත් තිබුණි .
රේගු නිලධාරීන්ට මෙම බහාලුම පිළිබඳව ඇති වූ සැකය මත මෙම බහාලුම 100% ක් පරීක්ෂා වට ලක් කිරීමේදී , මෙම බහාලුම අවසන් කොටසේ මෙම විවිධ ෂැම්පු වර්ග , කේශාලේප සහ කේශ වර්ණක ඇතුළත් මෙට්‍රික් ටොන් 03 ක් පමණ බරැති මෙම සුවද විළවුන් තොගය ඉතා සූක්ෂම ලෙස සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකා රජය විසින් මෙම කර්මාන්තශාලාව වෙත ලබා ඇති ලබාදී ඇති බදු සහනයන් අවභාවිතා කරමින් මෙසේ මෙම ආනයනය සිදුකර ඇති බව රේගුව පවසයි .
මෙවැනි සුවඳ විලවුන් ආනයනය කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයක් අවසරය ලබා ගත යුතු බව කර්මාන්ත සහ සේවා අංශයේ රේගු නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි .
මෙම නීති විරෝධී අපනයනය සිදුකළ කර්මාන්තශාලාවේ නිලධාරීන් කීප දෙනෙකු සහ මේවා කොළඹ වරායෙන් නිෂ්කාශනය කිරීමට උත්සාහ කළ වාප්පු ලිපිකරුවන් කිහිප දෙනෙකු ද මේ වන විට රේගුව වෙත කැඳවා වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල