ජාවාරම්කරුවන් හා සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කළ බව කියන සිද්ධියකට අදාලව වහාම ක්‍රියාත්මක වන පරිදි සෙවනගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කිරිමට පියවරගත් බව ඇඹිළිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා පැවසීය.
වැඩ තහනමට ලක් වු නිලධාරියා කලක් තිස්සේ සෙවනගල පොලිස් බළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් ඇඹිළිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාටද පැමිණිලි කිහිපයක්ම ලැබි තිබේ.