පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිදහස්වීමට නියමිතව සිටි පුද්ගලයන් 4ක් වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ හා වෙනත් උපකරණ සොරකම් කිරීම හෙතුවෙන් මෙම පුද්ගලයන් අතඅඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පසුගිය 12දා ප්‍රතිකාර මධ්‍යස්ථනයෙන් නිදහස් වීමට නියමිතව තිබුණි.කෙසේ වෙතත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති අතර ඔවුන් කොළඹ දෙක හා මස්කෙළිය පදිංචිකරුවන් වෙයි.
මේ පිළිබඳව වාලච්චේන පොලීසිය පරීක්ෂණ පවත්වයි.