සාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවසයි.
අදාල පොහොර තොගය කිසිවකු නොමැති පාලු නිවසක තිබි ජනතාව පොලීසිය දැනුවත් කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් අදාල ස්ථානය විමර්ශන කිරිමෙන් පසුව ඒම ස්ථානයෙන් අදාල පොහොර තොගය පොලීසිය වෙත රැගෙන යාමට කටයුතු කරන බව කියයි.
සාලිය වැව පොලීසිය පවසන්නේ මේ අයුරින් රජය මගින් රුපියල් 1000 ලබා දෙන පොහොර කුමන හේතුවක් නිසා සගවා තිබුනාද යන්න ගැටලුවක් බවයි .
ඒ සමගම මෙම පොහොර සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බවත් ඒය සම්බන්ධව හෙට( 3) දින උදෑසන අරඹන බවද පැවසිය .
කරුවලගස්වැව ජයරත්න වික්රමඅාරච්චි
හිරාන් ප්රියංකර