තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන විවෘත කළ යුත්තේ ඒ සඳහා කඩිනමින් නිකුත් කිරීමට නියමිත උපදේශන මාලාව අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
දැනට පොදු මහජනතාව වෙත ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පමණක් කිසිසේත්ම මෙම ආයතන යළි විවෘත කිරිමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා වන උපදේශන මාලාව නිකුත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව තම ආයතනය පිහිටා ඇති ප්‍ර දේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයානේ උපදෙස් මාලාව අනුව සේවා ලබාදීමට අදාළ පරිදි ව්‍යුහය හා පහසුකම් සකස්කළ යුතු බවද අධ්යක්ෂ ජනරාල්වරා පවසයි.