අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිශ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම පනතේ විදිවිධාන අනුව ඔහු සම්බන්ධයෙන් කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම ඔහුගේ මෝටර් රථය තුළ තිබියදී සොයාගත් ගිනි අවිය හා උණ්ඩ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.