විශ්වවිද්‍යාල දියුණු කරන බවට පාලකයන් සඳහන් කළත් ගෙවීගිය වසර හතරක කාලය තුළදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රමාණය 112 කින් අඩුවී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
2014 වසර වන විට දිවයිනේ විශ්වවිද්‍යාල තුළ ආචාර්යවරුන් 5610ක් සිටි බවත් එහෙත් මේ වන විට විශ්වවිද්‍යාල තුළ සිටින්නේ ආචාර්යවරුන් 5498ක් බවද එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සඳහන් කළේය.
තවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල වර්තමානය වනවිට ප්‍රමාණවත් නොවන බවත් මේ අනුව ජීවන අංකය සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල් සකස් කළ යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී සටන් කරන බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.