විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
උසස් අධ්‍යාපන අංශයේ රාජකාරී භාරගැනීමෙන් පසු ඊයේ (19) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙරට රැකියා ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි සකස් කර ගැනීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති විශ්වවිද්‍යාල නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන බවට ජනාධිපතිවරයාද පෙන්වා දී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදි උපදෙස් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මේ වන විටත් අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යන බවය.
දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවත්වා ගෙන යන විශ්වවිද්‍යාල 16ට අමතරව හෙඳ හෙඳියන් සඳහා විශ්වවිද්‍යාලයක් හා ක්‍රීඩා විෂයට අදාළ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරන බව ද මේ පිළිබඳ මූලික කටයුතු කාර්යන් නිම කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
නැගෙනහිර විශ්වවිද්‍යාලවල ගැටලු ඇති බවද ද සාමාන්‍ය උපාධි සඳහා වසර 3ක කාලය වෙනුවට වසර 8 ක් යන බවද විශේෂ උපාධියකට වසර 10 ක කාලයක් යොදා ගන්නා බවද සභාපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.