ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල 15ක අනධ්‍යන කාර්ය මණ්ඩලය දාසය දාහක් පමණ දෙනා ලබන දහවන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා ඇතුළු නියෝජිතයෝ අද (03දා) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවැසීය.
තම සාමාජිකයන්ට ඇතිව තිබෙන වැටුප් විෂමතා ඇතුළු අනෙකුත් ඉල්ලීම් මුල්කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.
එස්. කරුණාරත්න