ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සාර්ව පාක්ෂික සමුළුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ. කතානායක කරු ජයසූරිය මහතා මෙම සමුළුවට එක්නොවන අතර ජනතා විමුක්ති පෙරමුණද එම සමුළුවට එක් නොවේ.