සූර්ය විදුලිබල ක්ෂේත්රයට අවශ්‍ය උපකරණ දේශීය වශයෙන් නිපදවීමටත් පුද්ගලික අංශයට සූර්ය විදුලිබල නිෂ්පාදනයට පිවිසීමට අවස්ථා දෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
“ රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් දෙනවා ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදෙන්නේ කොහොමද, ස්වභාවික සම්පත් අපනයනය කරන්නේ නැතිව කර්මාන්ත ඇති කරන්නේ කොහොමද කියලා පෙබරවාරි 15 දා වනවිට අපට යෝජනා ලබාදෙන්න කියලා.
ඒ යෝජනා සහ අදහස් මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් රට වෙනුවෙන් සකස් කරන්න අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබදව අපට සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න හැකිවේවි
ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය. සූර්ය විදුලිබල නිෂ්පාදනය සදහා පුද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් අපේ පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවයකුත් අවම මිලකට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙලකුත් පිළිබදව අපි සාකච්ඡා කළා" යැයිද ඔහු සඳහන් කළේය.
.