සූර්ය බල විදුලිය දේශීය ආයතනවලින් මෙතෙක් වාර්තා වූ අවම මිල ගණන් යටතේ මිල දී ගැනීමට ටෙන්ඩර් අනුමැතිය ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද දින පෑවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙතෙක් සූර්ය බලශක්තියෙන් උත්පාදනය කෙරෙන විදුලි ඒ්කකයක් රුපියල් 17කට වැඩි මිලකටත්, වහල මත සවි කරන සූර්ය විදුලි කෝෂවලින් ජනනය කරන විදුලිබල ඒ්කකයක් රුපියල් 22ක් වැනි මිලකටත් මිල දී ගැනීමට සිදු වු බවයි.
එහෙත් තරගකාරි හා විනිවිදභාවයෙන් යුත් ටෙන්ඩර් පටිපාටිය තුළින් මෙතෙක් අවම මිලකට සූර්ය බල විදුලිය මිල දී ගැනීමට කටයුතු කිරීම නිසා විදුලිබල මණ්ඩලයට විශාල ලාභයක් ද ලැබෙන අතර මෙතෙක් වැය කළ දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරි කර දිමට ද හැකි වු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නව මිල ගණන් අනුව විදුලිය ඒ්කකයක මිල රුපියල් 10ක් වැනි මුදලකින් පහත වැටී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට ටෙන්ඩර් අනුමැතිය හිමි වී තිබෙන්නේ මෙගවොට් 150ක විදුලි ධාරිතාවයක් මිල දී ගැනීමට වන අතර මෙම වසර අවසන් වනවිට තවත් මෙගවොට් 150ක විදුලි ධාරිතාවක් මිල දී ගැනීමට නියමිතය.
නව මිල දී ගැනීම් යටතේ සූර්යබල විදුලිය මිල දී ගැනීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 180- 200 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ඉතිරි කර ගැනීමට හැකිවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.