ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනට අනුව යමින් පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම සදහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන පුළුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.
රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වහළයන්ගේ සූර්ය පැනල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
සූර්යබලශක්ති නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා දස දහසක් නිර්මාණය කිරීම කෙරෙහිද සැලසුම් සකස් කොට තිබෙනවා. නිවාස ලක්ෂයකට කිලෝවොට් පහක ධාරිතාවෙන් යුත් සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් දැනටමත් සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.