මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවේ සිටි සුරාබදු පරික්ෂක හා නියාමක0වරයා 30 වන දින දක්වා බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කලේ පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය කරමින් සිටි සුරාබදු පරික්ෂක රණවක ආරච්චිගේ වසන්ත උදයරත්න නැමති අයකු හා වව්නියාව සුරාබදු කාර් යාලයේ සුරාබදු නියාමක ජයසුරිය ආරච්චිලාගේ ශාමින්ද රුක්මාල් ජයසුරිය නැමති සැකකරුවන් දෙදෙනෙකී.
මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට තවත් සැකකරුවන් සිවු දෙනෙකු බන්ධනාගාර ගත කර ඇති බව කියයි.
පසුගිය 23 දින අලුයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126ක් පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරික්ෂකවරයකු විසින් වව්නියාව සුරාබදු කාර්යාලයේ නියාමකවරයකුට ලබාදිමේ ජාවාරමට එදිනම සුරාබදු නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබුනී.
එම නියාමකවරයා සමග මොහු අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනිමට පැමිණි වැන් රථයේ රියදුරා ඇතුළු අට දෙනෙකු ගෙන තිබුනි.
එම සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමේන් පසුව වැන් රථයේ සිටි කාන්තාවන් තිදෙනා රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරිමටත් අනුරාධපුර , මරදන්කඩවල , හා කැකිරාව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පස් දෙනෙකු හා සුරාබදු නියාමකවරයා රදවා ප්‍රශ්න කිරිමට පොලිසියට අවසර ලබා දිමට කටයුතු කර තිබුනී.
සිද්ධියත් සමග මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරාබදු පරික්ෂකවරයා තම මොටර් රථයෙන් පළා ගොස් තිබු අතර මොහු පොලිස් කණ්ඩායමක් විසින් 25 දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුනී.
අත්අඩංගුවට ගත් සුරාබදු පරික්ෂකවරයා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදි රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දි තිබුනී.
ඒ අනුව නැවත සැකකාර සුරාබදු පරික්ෂකවරයා 27 දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරිමේන පසුව එළඹෙන 30 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට පොලිසියට නියෝග කර තිබුනී.
අදාල අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව මේ වන විට පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී . කුමාරදාස මහතාගේ උපදෙස් මත පොලිස් කන්ඩායම තුනක් විමර්ශන සදහා එක් කර ඇති බව කියයි.