මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම් දිමකට අනුවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
කීත් නොයාර් පැහැරගෙන යන අවස්ථාවේදී යුද හමුදාපති වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතායි.