ජෝර්දානයේ පිහිටි සිරියානු කඳවුරුවල ප්රථම කොවිඩ්-19 සිද්ධි පසුගිය සතියේ වාර්තා කිරීමත් සමග, එහි සිටි දස දහස් ගණනක් සිරියානුවන් අතර වෛරසය පැතිරීම මැඩපැවැත්වීමට උත්සාහ කරන බව එරට එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ප්රධානියා පවසයි.
සරණාගතයින් 120,000ක් පමණ සිටින සාතාරි සහ අස්රාක් කඳවුරුවල ඇති වූ ආසාදන ඒ ආශ්රිතව වාර්තා වූ පළමු සිද්ධීන් ලෙස සැලකෙයි.
ජෝර්දානයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් නියෝජිත ඩොමිනික් බාර්ට්ස් පැවසුවේ "මේ සතියේ විශේෂයෙන් කඳවුරුවල වෙසෙන සරණාගතයන් ආශ්රිතව සිදු වූ වර්ධනයන් සැමට කනස්සල්ලට කරුණක් වී තිබෙනවා" යනුවෙනි.