කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දුර ගමන් සේවා සියල්ල ද අද සිට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සියලු මාර්ගවල දෛනිකව ධාවනය කරන සියලු දුම්රිය සේවා අද සිට පෙර පරිදි ධාවනය කෙරෙනු ඇත.
සුඛෝපභෝගී දුම්රිය සේවා හා පාර්සල් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.