මෙවර මහා මහමැතිවරණයේදී සීයයට 80 ක පමණ ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ හෙට පෙරවරු 8.00 සිට ජන්ද පොළවල් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් ජන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය දැමීමට සුදුසුකම් ලබා ඇත. දිවයිනේ ජන්ද කොට්ඨාශ 12,774ක පිහිටි ජන්ද මධ්‍යස්ථාන 12,985ක හෙට විමසීම පැවැත්වීමට නියමිතව ඇත