ශ්‍රී ලංකාව චීනයෙන් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 03 ඉදිරි සතියේදී දිවයිනට ලැබෙන බව ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.
මීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.
චීනය එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව චීන ජනපති ෂී ජින් මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් මහතා මේ බව ඊයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්වීය.