සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් ලබාගැනීම සඳහා චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි රත්නායක මහතා,
“චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමෙන් පසුව ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.
“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.”