මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,356,130කට සහ දෙවන මාත්‍රාවද පුද්ගලයින් 921,702කට ලබාදි තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ස්පුට්නික් වි එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,795 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 147,95කට ලබා දි අවසන් බවයි.
එමෙන්ම කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242කට සහ එහි දෙවන මාත්‍රාව 384,374කට ලබාදි තිබේ.
කෙසේ වෙතත් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස පුද්ගලයින් 2171කට ෆයිසර් එන්නත ලබාදි ඇති අතර එය අද සිට නතර කිරිමටද තිරණය කෙරුණි.