චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.
ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 05 රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (26) අළුයම 12.05ට කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ළගා වූ අතර, මෙරට චීන තානාපති චී ජෙන් හොන් මහතා (Qi Zhen Hon) විසින් සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි වෙත එන්නත් තොගය නිල වශයෙන් භාර දෙනු ලැබිණ.