සයිනොෆාම් එන්නතක් ලබාගැනීමේදී ශ්‍රී ලංකාව ඩොලර් 5ක් වැඩිපුර ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. අද (29දා) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“එන්නත් මිලියන 14ක් ගේන්න පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ ජනතාව එන්නත් කිරීම තමයි ප්රමුඛ කාර්යය වෙන්නේ. මුල ඉදලම ඕක තමයි අපි කිව්වේ මිත්‍යාව පස්සේ නෙමෙයි විද්‍යාව පස්සේ යන්න කියලා.
එන්නත මිලදී ගන්න ඕන ලෝක වෙළඳපොලේ තිබෙන සාධාරණ මිල ගණන්වලට. සෞඛ්‍ය ඇමතිනිය දාපු පත්‍රිකාවක තියෙනවා (සයිනොෆාම්) මාත්‍රාවක් සඳහා ඩොලර් 15ක අගයක්. ඇස්ට්‍රා සෙනිකා තිබ්බේ ඩොලර් 5ට. ඇස්ට්‍රා සෙනිකා නැත්නම් සයිනොෆාම් ගන්න එකට කමක් නෑ.
නමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා කියන්නේ මිලියන 14ක් සයිනොෆම් ගෙන්වන කොට අපි වැඩිපුර ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවනවා.
අපේ රටේ ආර්ථිකය නන්නත්තාර වෙලා තියෙන වෙලාවේ ඩොලර මිලයන 70ක් චීනයට ගෙවනවද නැත්නම් කාගෙ හරි සාක්කුවකට යනවද බලනන්න ඕන”
VIDEO