සයින්දමර්දු ප්‍රදේශයේ සැක සහිත නිවස පිළිබඳව තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට රුපියල් ලක්ෂ 10 ලක්ෂ 30 ක මුදල්ක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
“කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිද්ධියට අදාළ තොරතුරු ලබා දුන් මුස්ලිම් ජාතිකයින් තිදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටත්, මෙම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දීමටත්, එම නිලධාරියාට සහාය වූ පොලිස් සැරයන්වරයාට හා කොස්තාපල්වරයාට පොලිස්පති ප්‍රසංසා හා මුදලින් රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දීමත් සිදු කළා.” යැයි ඔහු ප්‍රකාශ කළේය.