කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව පවසනවා.
එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ දන්වා සිටිනවා.
ඒ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා දුරකතන අංක කිහිපයෙන් ලබා ගත හැක.
0714 42 20 06 / 0382 23 28 68 / 0714 39 44 49 / 0372 26 72 25