වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ දීමනා ගැටළුව සතියක් තුළ විසඳන බවට විෂය භාර අමාත්‍යවරයා අද (23දා) දින පොරොන්දු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමන නිලධාරීන් සංගමය සඳහන් කරයි.
මේ අනුව පසුගිය 20 වන දින සවස සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවත්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් හෙට (24දා) උදේ රාජකාරියට වාර්තා කරන බවද එම සංගමය පෙන්වා දෙයි.
සතියක් තුළ අදාළ ගැටළු විසඳීමට කටයුතු නොකළහොත් මාර්තු 01 වන දිනෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග දියත් කරන බවද එම සංගමය සඳහන් කරයි.
පැය 24 පුරා දින 21 කකාලයක් අඛණ්ඩව සේවය කිරීමේදී රුපියල් නවදහසක දීමනාවක් ලබාදෙන බවත් එම මුදල ඉහළදමන ලෙස හෝ එසේ නොමැති නම් අතිකාල ලබාදෙන ලෙස ඉල්ලා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ බවද පවසා සිටියේය.