කොවිඩ් 19 පැතිරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකව ගෙන ඇති පියවර මගින් ශ්‍රී ලංකාවට සාර්ථකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් තම සංගමය ශ්‍රී ලංකා ජනතාව සමගත්, මාධ්‍ය මිතුරන් සමගත් සිටින බවත් සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.
“කොවිඩ් 19 රෝගය චීනයේ ව්‍යාප්ත වූ විට ශ්‍රී ලංකාව චීනයත් සමග සිටිමින් උපකාර කළා. ඒ හරහා දෙරට අතරේ පවතින් ගැඹුරු මිත්‍රත්ත්වය පෙන්වූවා. චිනය තුළ මේ වෛරසය පැතිරිම වැළැක්වීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සහාය දැක්වූවා.” යැයි ඔවුන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය වෙත යොමුකළ ලිපියක දැක්වෙයි.
අනාගත හවුල්කාරිත්ව සමාජයක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව මෙම වසංගතයෙන් පැහැදිලි කර දී ඇති බවත් ගෝලීය අර්බුද වෙනුවෙන් මුහුණ දීමේදී සෑම රටක්ම එකිනෙකා පිළිබඳව සළකා බැලිය යුතු බවත් ඔවුන් යොමුකළ ලිිපියේ දැක්වෙයි.
මේ අවස්ථාවේදී එක් තීරයක් එක් මාවතක් ජනමාධ්‍යවේදීන්ගේ ජාලය හරහා සන්නිවේදන කටයුතු වඩාත් විධිමත්ව කිරීමත්, කටකතා ප්‍රචාරය වැලැක්වීමටත් අවස්ථාවක් ඇති බව පෙන්වා දෙන එම සංගමය මේ සඳහා ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංසදයට එක්වන ලෙසද පවසයි.
මේ හරහා ශ්‍රී ලංකාව වසංගතය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට අවස්ථාව ඇති බවත් අදහස් බෙදා ගැනීමට අවස්ථාව ඇති බවත් ඔවුන් සඳහන් කරයි. එකමුතුව කටයුතු කිරීම මෙම වසංගතය පාලනය කිරිමට ධනාත්ම පියවරක් බවත් සමස්ත චීන ජනමාධ්‍යවෙදීන්ගේ සංගමය පවසයි.